සූර්ය බල‍යෙන්



සූර්ය බල‍යෙන්...

ඔබට ලැ‍බෙන ප්‍රතිලාභ

  • ඔබ තෝරාගන්නා ක්‍රමය අනුව විදුලි බිල සඳහා වැය වන මුදල සම්පුර්ණ‍යෙන් උපයා ගත හැකි වීම.
  • වසර 7 දක්වා නැවත ‍ගෙව‍මේ පදනම මත ක්රියාත්මකවන රාජ්ය සහ පුද්ගලික අංශයේ වාණිජ බැංකු රැසකින්ම සූර්ය පැනල මිලදී ගැනීම සඳහා ලැබෙන ණය සහන.
  • සූර්ය පැනල මිලදී ගැනීමට ඔබ ණය මුදලක් ලබාගත්තේ නම් ඔබ ලබන අදායමෙන් සූර්ය පැනල මිල දී ගැනීමට ගිය ණය මුදල සහ‍ පොලිය ගෙවීමට හැකි වීම.
  • ඔබ අතිරික්තව නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා මුල් වසර 07ක කාලය තුළ ඒකකයකට රු.22.00/= ක් ද, 08 වන වසරේ සිට රු.15.50/= ක ආදායමක් ලැබීම.

රටට ලැබෙන ප්‍රතිලාභ

  • සූර්ය බලය නොමිලේ ලැබෙන බලශක්ති ප්‍රභවයක් බැවින්, බලශක්තිය සඳහා (ඉන්ධන සහ ගල් අඟුරු) දැනට වැය කරන විදේශ විනිමය ප්‍රමාණය අඩු කර ගතහැක
  • පරිසර හානිය අවම කරගත හැකිවීම සහ තාප බලාගාරවලින් විදුලි ජනනය හේතුවෙන් වායු ගෝලයට මුදා හැරෙන කාර්බන්ඩයොක්සයිඩ් (CO2) ප්‍රමාණය වසරකට ‍මෙ.ටො. 150,000ක් පමණ අඩු කර ගත හැකි වේ.
  • විදුලි පද්ධතියේ සමතුලිත තාවය රැකගැනීමට පහසු වේ
  • විදුලි බලය සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ හානිය අවම වේ.
  • දැනට මහාපරිමාණ ව්යාපාරිකයන්ට පමණක් සීමා වී ඇති විදුලි නිෂ්පාදනය සඳහා සමස්ථ ජනතාවටම සම්බන්ධ වීමට හැකිවීම.
  • රට පුරා විසිරුණු කුඩා පරිමාණ විදුලි නිෂ්පාදනාගාර පද්ධතියක් තිබෙන බැවින් එය ජාතික විදුලි සුරක්ශිතතාවයටද ධනාත්මකව බලපානු ඇත.
  • පාරිතභෝගිකයින් විශාල ප්රමාණයක් විදුලි නිෂ්පාදිකයින් වන බැවින් විදුලි ජනනයෙන් ලැබෙන ආදායම තුළ රටේ ආදායම බෙදීයාමේ විෂම තාවය අඩු වනු ඇත.
  • 2025 වන විට ජාතික විදුලි බල පද්ධතියට මෙ.වො. 1000ක් එක්කර ගත හැකි වීම.
  • මෙම ක්ෂෙත්‍රයේ ඇතිවන පිබිදීම තුළ සෘජුව හා වක්‍රව නව රැකියා අවස්ථා විශාල සංඛයාවක් නිර්මාණය වීම.