රිවි බල සවි සූර්ය පැනල ණය පහසුකම



සාක්කුවට බරක් නැතුව ඔබේ නිවසටත් සූර්ය පැනලයක්

අධික විදුලි බිල් සඳහා ඔබට සහනයක් වීමට රජයෙන් අලුත් වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරලා. Enterprise Sri Lanka වැඩසටහන යටතේ රිවි බල සවි සූර්ය පැනල ණය පහසුකම නිසා දැන් ඔබට මූලික වියදමක් නැතිව සූර්ය බලශක්ති පද්ධතියක් ස්ථාපනය කරගන්න පුළුවන්.

පොලියෙන් භාගයක් රජයෙන්..

සාමාන්‍යයෙන් 13.5% ක් ඉක්වමන බැංකු පොලියෙන් භාගයක් මෙහිදී රජයෙන් ගෙවනවා. මේ නිසා සියයට 6.75% ක ඉතා පහසු පොලී අනුපාතිකයක් යටතේ වසර පහක කාලයක් සඳහා ඉතා පහසුවෙන් මේ ණය ගත හැකියි.

පැනල 4ක පද්ධතියෙන් විදුලි ඒකක 150ක් නොමිලේ...

මේ හරහා ඔබට ලැබෙන රුපියල් ලක්ෂ තුන හමාරක ( Rs. 350 000/=) මූලික මුදලින්, සූර්ය පැනල හතරක් (4) සහ කිලෝ වොට් දෙකක (1.5KW) ඉන්වටරයක් සහිත සූර්ය බලශක්ති පද්ධතියක් පිළිගත් තාක්ෂණ ආයතනයක් හරහා සවිකරගත හැකියි. එමගින් විදුලි ඒකක එකසිය පනහක් (150 Units) දක්වා නොමිලයේ පාවිච්චි කරන්න ඔබට පුළුවන් වෙනවා. ඒ කියන්නේ රුපියල් තුන්දහස් පනහක (3050/=) පමණ විදුලි බිලක්, 100% කින්ම අඩුවෙනවා.

මාසික විදුලි බිල ඉතිරිය ණය වාරිකයට...

ඔබේ මාසික ණය වාරිකය වෙන්නේ රුපියල් හයදහස් පන්සීයක් (6500/=) පමණ.මේ නිසා ඔබට අමතරව රුපියල් 3500/= ක් පමණ ගෙවීමට සිදු වෙනව. අවුරුදු පහෙන් පස්සේ ණයෙන් වගේම බිලෙනුත් ඔබ නිදහස්.. මේ බලශක්ති පද්ධතිය අවුරුදු විස්සක(20Yrs) ගිවිසුම් කාලයකට යටත් වගේම වසර විස්ස පුරාම බිලෙනුත් ඔබ නිදහස්. අවුරුදු තිහක (30Yrs) කාලයක් වගකීමක් සහිතව පාවිච්චි කළ හැකියි.

මේ සඳහා ඔබ කරන්න ඕන, අපේ නියෝජිත මහතෙකු සම්බන්ධ කරගෙන ඔබේ නිවසට අදාළව ව්‍යාපෘති වාර්තාවක් සකස් කර ගන්න එක. බැංකුව හරහා ණය පහසුකම සකස් කර දීමට වගේම විදුලි ජාලය සමඟ සම්බන්ධ වීමේ කටයුතු වලටත් ඔහු උදව් වේවි.

දුරකථන අංක: 0762 235 245

මේ සඳහා ඔබ කලයුත්තේ කුමක්ද ?

  • ඔබේ නිවස හෝ ආයතන පරිශ‍්‍රය සඳහා තාක්ෂණ හා ආයෝජන ඇගයීම් වාර්තාවක් සකස් කර ගැනීම.
  • බැංකු ණය අවශ්‍යනම් අදාළ වාර්තාව ණය අනුමැතිය සඳහා යොමු කිරීම
  • ණය අනුමත වූ වාර්තාවට අනුකූලව අදාළ තාක්ෂණ ආයතනය හරහා පද්ධතිය ස්ථාපනය කර ගැනීම
  • නිෂ්පාදනය වන බලශක්ති හුවමාරුව සඳහා රාජ්‍යය විදුලිබල සැපයුම්කරු සමඟ ගිවිසුම් ගත වීම

ඔබේ නිවස ඉදිරි වසර 20ටම විදුලි බිලෙන් නිදහස්
කිරීමට අප සූදානම්. ඒ සඳහා ඔබගේ විස්තර දැන්ම අප
වෙත යොමු කරන්න..